gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

FCID ලොක්කට වසරක සේවා දිගුවක්‌ !

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ (FCID ) ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යලංකාර මහතාට වසරක සේවා දීර්ඝ කිරීමක්‌ ලබාදීමට කැබිනට්‌ මණ්‌ඩලය පෙරේදා (09 වැනිදා) අනුමැතිය ලබා දී ඇත.

වෛද්‍යලංකාර මහතාට සේවා දීර්ඝ කිරීමක්‌ ලබාදීමට පොලිස්‌පතිවරයා විරුද්ධ වී ඇතත් එය නොතකා කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

රවී වෛද්‍යලංකාර මහතා ලබන 14 වැනිදා විශ්‍රාම යැමට නියමිතව සිටි අතර පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ආරම්භ කළ දින පටන් එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඒ මහතාය.

 මෙම සේවා දීර්ඝ කිරීමට අනුව වෛද්‍යලංකාර මහතා විශ්‍රාම යැමට නියමිතව ඇත්තේ ලබන 2019 වර්ෂයේ මැයි මාසයේදීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka