gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීනෙන් තවත් ණයක් !

මධ්‍යම අධිවේගී මාර්ගය සදහා චීන රජයෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් අනුමත වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයුවාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇති බව පැවසේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම්
සදහා මෙම මුදල් වැය කිරීමට නියමිතය.

අදාල මුදල් නිකුත් කරන ලෙසට චීන එක්සිම් බැංකුවට මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවද චීන තානාපතිවරයා අගමැතිවරයාට දන්වා තිබේ.

එහිදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට අදාල පරිපාලන සහ නෛතික ක්‍රියාපටිපාටි කඩිනම් කරන ලෙසද තානාපතිවරයා ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කර ඇති බවත් පැවසේ.

චීන ආයෝජකයන්ට හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත ශාලා පිහිටුවන ලෙසට උද්‍යෝගයක් රජය ඇතිකර තිබීම ගැනද චීන තානාපතිවරයා ප්‍රශංසා කර ඇත.

උසස් මට්ටමේ නිෂ්පාදන බිහිකිරීම සදහා ඔවුන් දිරිගන්වන බවද තානාපතිවරයා එහිදී පවසා ඇත.

චීන ණයෙන් විදෙස් සංචිත ඉහලට

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවනු ඇති බවද ඒ මහතා එහිදී පවසා ඇත.

මේ හමුවේදී චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට අදාල ගිවිසුම කඩිනම් කරන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත්, චීන ආධාර යටතේ ක්‍රියාත්මක වන ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමුකර තිබේ.

හම්බන්තොට වරායට අදාලව චීනයෙන් ලැබිය යුතු මුදලේ අවසන් කොටස ලබන මස 9 වැනිදා ගෙවීමට නියමිත අතර ඒ සමග ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යනු ඇති බවද පැවසේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka