gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශපාලනයට එන්නැයි දියවඩන නිලමේට ආරාධනාවක්

දැනට දේශපාලනය තුළ ඉන්නේ හොඳ පුද්ගලයන් නොවන බැවින් නිල කාලය අවසන් වීමෙන් පසු සක්‍රිය දේශපාලනයට පැමිණ රට බාර ගන්නා මෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාට තමන් ආරාධනා කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ත්‍රි'මලයේ විහාර සංවර්ධනයට රුපියල් කෝටි 12ක් ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවයක් අතරතුරදීය.

දළදා මාලිගාවට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන්
සංකේතාත්මකව ලබාදීම වෙනුවෙන් ඊයේ (8දා) සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ගෝමරන්කඩවල ශ්‍රී රන්පොකුණුගම රජමහා විහාරයේදී උත්සව දෙකක් පැවැත්විණි.

එහිදී මල්වතු අනුනාහිමි පැවැසුවේ ජනපතිවරයාගේ ළඟම හිතවතුන් පවා මෑතකදී අල්ලස්වලට හසුවී ඇති බවත් රටේ පාලකයන් දැහැමි පිරිසක් නොවන බවත්ය.

මේ අවස්ථාවට සහභාගි වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන් පැවැසුවේ අද අධ්‍යාපනයක් නැතිව යා හැකි ඉහළම ස්ථානය දේශපාලනය බවයි. සාමාන්‍ය පෙළවත් නැති මන්ත්‍රිවරුන් එකසිය ගණනක් පාර්ලිමේන්තුවේ සිටින බවත් සිංගප්පූරුව වැනි රටවල පාර්ලිමේන්තු යෑමට නම් උපාධියක් තිබිය යුතු බවත් උන්වහන්සේ පැවැසූහ.

අපේ හිමිවරුන් තුන් තිස් පැයේම රජු ධාර්මික වේවා යන අරුතින් "රාජා භවතු ධම්මිකෝ" යනුවෙන් අනුශාසනා කරද්දී අනික් පැත්තෙන් ඇහෙන්නේ "රජා හොරා රජා හොරා" යන කියමන බවද උන්වහන්සේ පැවැසූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka