gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුවිහාරේ විකුණා කෘෂිකර්මේ පත්වීම් දීලා

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ අංශයේ රැකියා මුදලට ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගත්  පුද්ගලයකු මාතලේ නගරයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව එම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස රට  පුරා තරුණ තරුණියන්ගෙන් රුපියල්  තිස්දාහේ සිට
ලක්ෂය දක්වා වූ විශාල මුදල් ප්‍රමාණයක්  ලබාගෙන තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ සහිත රාජ්‍ය ලාංඡන සහිත පත්වීම් ලිපි සහ ව්‍යාජ මුද්‍රා ආදී රැසක් මොහු  අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබියදී සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මුදල් අහිමිකරගත් පුද්ගලයින්  දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට මේ පිළිබඳව පැමිණිලි කර  තිබුණද මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට මෙතෙක්  පොලීසියට නොහැකි වී තිබිණි.

ඒ අනුව ලෝක කම්කරු දිනය යෙදුණු පළමු වෙනිදා මෙම රැකියා දෙන බව පවසන පුද්ගලයා ලබාදුන් පත්වීම්  ලිපි කිහිපයක් ලබාගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව කාර්යාලයට සහ දඹුල්ල බීජ ගොවිපල රැකියා පත්වීම් ලබා ගැනීම සඳහා තරුණ තරුණියන් පිරිසක් පැමිණ ඇත.

මෙම  ලිපි ලේඛන ව්‍යාජ ලිපි ලේඛන බව කෘෂිකර්ම බලධාරීන් සනාථ කිරීමත් සමඟ  පුද්ගලයා කොටුකර ගැනීමේ විශේෂ ක්‍රියාවලියක් මාධ්‍යවේදීන් හා පොලිසිය එක්ව දියත් කර  මෙම පුද්ගලයා කොටු කර ගැනීමට සමත්ව ඇත.

මෙම  සැකකරු කෘෂිකර්ම  රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලිපි ශීර්ෂ නම සහ අත්සන යොදා ඇති ලිපි ලේඛන රැසක් මුදල් ලබාගත් තරුණ තරුණියන්ට ලබාදී ඇති අතර පත්වීම් ලිපි ලබාදී තිබුනේද  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ගේ මුද්‍රාව සහ නම යොදාගෙන වීම විශේෂත්වයකි.

මේ සිදුවීම  පිළිබඳව කරුණු විමසීම සඳහා අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා සම්බන්ධ කරගැනීමෙන්   අමාත්‍යවරයා කියා සිටියේ මෙම පුද්ගලයා තමන් දන්නා හඳුනන බව සත්‍ය නමුත්  තමන් විසින් මෙවැනි පත්වීම් ලිපියක් හෝ මුදල් ලබා ගැනීමක් සිදු නොකළ බවයි. මෙම පුද්ගලයා පොලීසියට කොටු කර දෙන ලෙසද ඉල්ලීමකත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර  මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka