gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුසියාවේ පාපන්දු පෙරලියකට යන ලංකාවේ කොළු පැටව් !

පාපන්දු ක්‍රීඩාවට නැඹුරු 12-හැවිරිදි ශ්‍රී ලාංකික දරුවන් දෙදෙනෙකු මේ වසරේ රුසියාවට යාමට නියමිතය.

ඒ, ජුනි මාසයේ මොස්කව් අගනුවර පැවැත්වෙන ‘ෆුට්බෝල් ෆෝ ෆ්‍රෙන්ඩ්ෂිප්’ (Football for Friendship) හෙවත් F4F  නම් සමාජ වැඩසටහනට වෙනුවෙනි.

මෙම වැඩසටහන පැවැත්වෙන්නේ සයවැනි වරට
වන අතර, ශ්‍රී ලංකාව, මෙම වැඩසටහනට එක්වන පළමු අවස්ථාව මෙයයි.

මෙම වැඩසටහන සඳහා දිනුක බණ්ඩාර හා අයාන් සදාත් යන දරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවෙන් එක්වීමට නියමිතය.

මෙවර පැවැත්වෙන F4F වැඩසටහනට රටවල් හා ප්‍රදේශ 211ක් එක්ව සිටින අතර,මෙම දරුවන් ජාත්‍යන්තර කණ්ඩායම් 32කට බෙදී Gazprom Football for Friendship International Championship නම් ජාත්‍යන්තර පාපන්දු ශූරතාවය සඳහා තරග වැදෙනු ඇත.

දිනුක බණ්ඩාර මෙම ළමා පාපන්දු ක්‍රීඩකයන් හා එක්ව ක්‍රීඩා කිරීමට නියමිත අතර, අයාන් සදාත් මෙම අවස්ථාවට එක්වන්නේ ළමා මාධ්‍යවේදියෙකු ලෙසයි. ළමා මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට, ඔහු F4F වැඩසටහනට අදාල දෙස් විදෙස් සිදුවීම් වාර්තාකරණයේ යෙදෙනු ඇත.

F4F වැඩසටහනේ සාරධර්ම 09ක් (මිත්‍රත්වය, සමානාත්මතාව, සාධාරණත්වය, සෞඛ්‍ය, සාමය, ලැදියාව, ජයග්‍රහණය, සම්ප්‍රදායන් සහ ගෞරවය) පිළිබඳවද ඔහු ජනතාව දැනුවත් කරනු ඇත.

මොවුන් දෙදෙනා රුසියාවේ පැවැත්වීමට නියමිත F4F ජගත් ළමා සාමූහික සැසියකට ද එක්වනු ඇත. එකිනෙකා ගේ අත්දැකීම් බෙදාගැනීමට මෙන්ම F4F වැඩසටහනේ සාරධර්ම වැඩිදුරටත් ලොවවටා ප්‍රචාරය කිරීමට හැකි ආකාරය පිළිබඳව ලොව ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයන් හා මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කිරීමට මෙහිදී ඔවුන්ට අවස්ථාව හිමිවේ.

රුසියාවේ පැවැත්වෙන 2018 ෆීෆා ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලට මෙන්ම එහි සමාරම්භක තරගයටද සහභාගී වීමෙන් අනතුරුව F4F මෙවර වැඩසටහන අවසන් වනු ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka