gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප ප්‍රධාන තනතුරු මැයි දිනයේදී !

එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කරන ලද දේශපාලන මණ්‌ඩලය අරලියගහ මන්දිරයේදී ඊයේ (11දා) ප්‍රථම වරට රැස්‌ වූ අතර එහිදී පක්‌ෂයේ ප්‍රධාන තනතුරු පත් කිරීම ලබන 19 වැනිදා සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එදින සිදු කෙරෙන තනතුරු පත් කිරීම් එජාප මැයි රැලියේදී  නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ද
තීරණය කළ බව එම දේශපාලන මණ්‌ඩල සභිකයෙක්‌ පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස තුනට පමණ රැස්‌ වූ දේශපාලන මණ්‌ඩලයට සියලු සාමාජිකයන් සහභාගි වී නැත.

එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පූර්ණ බලැති දේශපාලන මණ්‌ඩලය පසුගිය 07 වැනිදා රහස්‌ ඡන්දයකින් පත් විය. අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උප නායක රවි කරුණානායක යන මහත්වරුන් මෙම මණ්‌ඩලයට නිල බලයෙන් පත්වූ අතර නවීන් දිසානායක, අකිල විරාඡ් කාරියවසම්, මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්‌ඩාර, හරීන් ප්‍රනාන්දු, රුවන් විජයවර්ධන, අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, ඡේ. සී. අලවතුවල, නලින් බණ්‌ඩාර, අශෝක ප්‍රියන්ත යන මහත්වරු ද එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඊයේ පැවැති මංගල රැස්‌වීමට අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විදේශගත වී ඇති බැවින් සහභාගි වී නැති අතර සජිත් ප්‍රේමදාස සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරු පැමිණීමට නොහැකි බව දැනුම් දී තිබූ බව ද එහි දේශපාලන මණ්‌ඩල සාමාජිකයෙක්‌ සඳහන් කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka