gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාඩුව දරා නොගත් තක්කාලි ගොවියා වස පානය කරයි

තක්‌කාලි පෙට්‌ටි 30 ක්‌ හඟුරන්කෙත අඹලියද්ද ග්‍රාමයේ සිට කොළඹ "මැනිං වෙළෙඳපොළ" වෙත ලොරියකින් යෑවූ ගොවි මහතකු ලැබූ පාඩුව නිසා ලොරි කුලියවත් ගෙවා ගැනීමට මාර්ගයක්‌ නොමැතිව සිත්තැවුලට පත් වී කෘමිනාශක පානය කිරීමේ පුවතක්‌ අඹලියද්දෙන් වාර්තා වේ.

ඔහුට එම පෙට්‌ටි 30 සඳහාම මුළු මුදල වශයෙන් රුපියල් 1100 ක මුදලක්‌ පමණක්‌ ලැබී ඇත.

මෙම ගොවි මහතා හඟුරන්කෙත රෝහලට ඇතුළත්
කිරීමෙන් පසුව වෛද්‍යවරුන් සහ කාර්ය මණ්‌ඩලයේ දැඩි පරිශ්‍රමය නිසා ඔහුගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇත.

මෙම තක්‌කාලි අස්‌වැන්න නෙළීම සඳහා තිදෙනෙක්‌ යොදා ගෙන ඇති අතර එක්‌ අයකුට රුපියල් 1000 බැගින් රුපියල් 3000 ක්‌ ගෙවීමට එකඟ වී ඇත. එසේම එළවළු කොටුවේ සිට ප්‍රධාන මාර්ගය දක්‌වා කිලෝමීටරයක්‌ පමණ දුරක්‌ තක්‌කාලි පෙට්‌ටි 30 කර මතින් ඔසවා ගෙන යැම සඳහා පෙට්‌ටියකට රුපියල් 100 බැගින් රුපියල් 3000 ක්‌ ගෙවීමට පොරොන්දු වී ඇත.

පෙට්‌ටියකට රුපියල් 125 බැගින් පෙට්‌ටි 30 සඳහා ලොරි කුලිය වශයෙන් ලොරි හිමියා රුපියල් 3750 ක්‌ ඉල්ලා ඇත. තක්‌කාලි පෙට්‌ටි 30 සඳහා මුළු වියදම රුපියල් 9750 ක්‌ වැය වී ඇතත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් 1100 ක්‌ පමණි.

එබැවින් කර කියා ගත හැකි දෙයක්‌ නොවූ බැවින් කෘමිනාශක පානය කළ බවත් එහි උගුරක්‌ දෙකක්‌ පෙවෙන විටම බිරිඳ එය දැක බෝතලය උදුරා ගෙන වහාම හඟුරන්කෙත රෝහල වෙත ගෙන ඒම නිසා දිවි බේරා ගැනීමට හැකි වූ බවත් ඔහු පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka