gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල ඇඳුම් වවුචරේ වටිනාකම වැඩිවෙයි

පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වවුචර් පතෙහි වටිනාකම වැඩි කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.

එහි වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවැති විවෘත තරග විභාගයෙන් සමත් වූවන්ට
හා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස් වූවන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක්වෙමින් ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම වාර්ෂිකව ගුරුවරු විවිධ හේතු මත දීර්ඝ නිවාඩු ලබාගන්නා අවස්ථාවලදී පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමටද අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

සේවයේ නියුතු ගුරුවරුන් 10000 ට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බැවින් එම කාල වකවානුව තුළ ඔවුන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවීම සඳහා මෙලෙස ගුරු සංචිතයක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka