gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීළඟ කොමන්වෙල්ත් පළාත් පාලන නියෝජිතයන්ගේ සමුළුව ලංකාවේ

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල පළාත් පාලන නියෝජිතයින්ගේ මීළග සමුළුව ලබන වසරේ (2019) වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට පසුගියදා ලන්ඩනයේ දී රැස් වූ  පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සන්සදයේ  කාරක සභාරැස්වීමේ දී තීරණය වී තිබේ.

පසුගිය 13 වෙනිදා ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිතයින්ගේ කාරක සභා රැස්වීම සදහා සහභාගී වූ  පළාත් සභා හා පළාත් පාලන
අමාත්‍ය  ෆයිසර් මුස්තෆා මහතා වෙත එම සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සදහා වූ  එකගතාවය ලබා දී ඇත.

2017 වර්ෂයේ දී මෝල්ටා රාජ්‍යයේ දී  පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව සදහා සහභාගී වූ මුස්තෆා අමාත්‍යවරයා විසින්  මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව සදහා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කල යෝජනාව සලකා බැලූ පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සන්සදය එම  යෝජනාවට එකගතාවය පල කර තිබේ.

මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුව ආසියානු රටකදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර දැනට ලෝකයේ  කලාප 10 ක් කේන්ද්‍ර කරගෙන  සමුළුව පැවත්වා ඇත.       


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka