gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජිව් සෙබෙස්තියන් නිදහස් වෙයි

ගායන ශිල්පී රජීව් සෙබස්‌තියන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත්කොට තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවා ඔහු නඩු කටයුතුවලින් මුදාහැරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (12 දා) නියෝග කළාය.

මූල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට පෙනී නොසිටීම නිසා අධිකරණය සැකකාර රජීව් සෙබස්‌තියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කොට තිබූ අතර හෙතෙම ඊයේ (12 දා) නීතිඥ
සුදර්ශනී ගුණරත්න මහත්මිය මගින් අධිකරණයට භාර විය.

සැකකරු ශල්‍යකර්මයකට භාජනය වී සිටීම නිසා දීර්ඝ කාලයක්‌ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් නීතිඥ සුදර්ශනී ගුණරත්න මහත්මිය කළ කරුණු දැක්‌වීම හා වංචා කළේ යෑයි කියන මුදල සැකකරු විසින් මේ වනවිට සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවට කරුණු අනාවරණය වීම නිසා මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka