gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට දකුණු දෙසින් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ  හේතුවෙන් දකුණ නැගෙනහිර සහ ඌව
පළාත්වල උදෑසන කාලයේදීත්  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරවී පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ද අපේක්ෂා කෙරෙනවා.

මේ අතර දෘෂ්‍ය ලෙස සුර්යයා උතුරට ගමන් කිරීමේදි අද දහවල් 12.11 ට මිනුවන්ගොඩ, කටුනායක, මොරොන්තොට, ගම්පොළ, හගුරන්කෙත, රදලියගොඩ සහ පිටකුඹුර ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka