gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති 15 දා එක්සත් රාජධානියට

ලන්ඩන් නුවර දී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අප්‍රේල් 16 වනදා සිට 20 වනදා දක්වා ලන්ඩන් නුවර දී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ, පොදු අනාගතයක් වෙත, යන්නයි. සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ
යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේ දී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

අප්‍රේල් 17 වනදා සිට 21 වනදා දක්වා එක්සත් රාජධානියේ සිදු කෙරෙන ජනාධිපතිතුමාගේ නිල සංචාරය තුළදී එරට අග්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට ද නියමිත අතර, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන් කිහිප පළක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳ පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී තිබෙන අතර, පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතාන්‍ය මහ රුජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද ජනාධිපතිතුමා සිය සංචාරයේදී සහභාගීවනු ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka