gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වකුගඩු රෝහල හදන්න ගිය තැනින් පුරාවස්තු මතුවෙලා !

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොළොන්නරුවේ විසිඅටේ කණුවේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් වලදී ප්‍රතිමා ගෘහයක්, කුඩා චෛත්‍යයක්, බුදු ප්‍රතිමා ශිර්ෂයක්, බුදු පිළිම දෙකක් සහ බෝධිසත්ව පිළිම දෙකක් හමු වී තිබේ.

ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව, ක්‍රියාවට නැංවෙන පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම කැනීම් කටයුතු ක්‍රියාත්මක කර තිබේ. ඉදිරියේ දී ඉදිකිරීමට යෝජිත වකුගඩු රෝහල සඳහා විසිඅටේ කණුව භූමි පරිශ්‍රය යොදාගැනීමට පෙර මෙම ප්‍රදේශයේ සිදුකරන ලද
කැනීම් කටයුතුවල දී පුරාවස්තු පිළිබඳ මේ තොරතුරු අනාවරණය වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහි දී හමුවී ඇති ප්‍රතිමා ගෘහයෙහි ගර්භයේ උස  අඩි 10-15ක් අතර වන බවත්, චෛත්‍යය වේදිකාවක් මත ඉදිකළ කුඩා ප්‍රමාණයේ එකක් බවත්, අනාවරණය කරගෙන ඇති අතර, මෙම පුරාවස්තුවල කාල නිර්ණය කිරීම් සහ ඓතිහාසික වැදගත්කම් සම්බන්ධව ඉදිරියේ දී තොරතුරු අනාවරණය කළ හැකි බව කැනීම් නිලධාරීහු පවසති.

අනුරාධපුර පුරාවිද්‍යා කැනීම් නිලධාරී ඒ ඒ විජේරත්න මහතා, ව්‍යාපෘති භාර නිලධාරී තනුජා අමරතුංග  මහත්මිය ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් මෙම කැනීම් කටයුතු භාරව කටයුතු කරති. පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කරන ලද  මෙම පරිශ්‍රයේ කැනීම් කටයුතු මැයි මස අග තෙක් ක්‍රියාත්මක වන අතර, ජූනි මාසයේ දී සංරක්ෂණ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka