gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2016 දී පොලිස් නිලධාරීන් බිලියන 3.2ක අල්ලස් අරගෙන

රියදුරන් රථ වාහන දඩ මුදලට වඩා පොලිසියට අල්ලස් ලබාදෙන බවට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කළ සමීක්ෂණයකින් හෙළිව ඇතැයි එම සංගමය පවසයි.

ආර්ථික දුර්වලතා, රැකියාවේ නිවාඩු නොමැතිවීම වැනි හේතු නිසා ඔවුන් මෙසේ අල්ලස් දීමට පෙළඹෙන බව එම සංගමය කියා සිටියි.

අනුපාතයක් ලෙස රුපියල් 500ක දඩ මුදලක් රජයට
ලැබෙන විට රුපියල් 800 ඉක්මවන මුදලක් පොලීසියේ දූෂිත නිලධාරීන් අතට පත්වෙන බවත් මේ අනුව 2016 වසරේදී පමණක් රුපියල් බිලියන 3.2 ඉක්මවූ අල්ලස් මුදලක් පොලීසියේ දූෂිත නිලධාරීන්ට ලැබී ඇති බවට නියාමනය වන බවත් එම සංගමය දැනුම් දෙයි.

එසේම උත්සව සමයේදී ප්‍රායෝගික නැති නීති ක්‍රියාත්මක කිරීම පිළිබදව යතුරුපැදිකරුවන්ගෙන් ලැබෙන පැමිණිලි වර්ධනය වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

සාමාන්‍ය කාලසීමාවකදී දිනකට මෙම අගය පැමිණිල් 10-20ක් අතර ප්‍රමාණයක් වුවත් අවුරුදු හා නත්තල් සමයේදී දිනකට එම අගය 50-60ක් දක්වා ඉක්මවන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka