gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

06දා සිට අලුත් ආණ්ඩුවක් !

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව අද රාත්‍රී (04) පරාජය කර හයවෙනිදා (06) කැබිනට් මණ්ඩල සංශෝධනයකින් යුතුව අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

ඒ අනුව හෙට උදැසන අගමැතිවරයා ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් ඊයේ උදැසන ජනාධිපතිවරයා සමග
පැවති හමුවේදී ඒ සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගත් බවත් එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

ඒකාබද්ධයේ විශ්වාසභංග යෝජනාවට සහයදෙන කිසිවකුට යළි ඇමතිකම් ලබාගැනීමට ඉඩනොදෙන බව පවසන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, විශ්වාස භංගයට සහයදී ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහයවන ශ්‍රීලනිප ඇමතිවරුන් සමග 2020 දක්වා ආණ්ඩුව පවත්වා ගෙන බව අවධාරණය කර සිටියි.

මේ සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතම් මැති ඇමතිවරුන්ගේ මෙන්ම විපක්ෂයේ ඇතැම් පක්ෂවලද ආශිර්වාදය ලැබී ඇති බව ඔහු කියා සිටියි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka