gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වන උද්‍යාන තුළ අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක් !

කවුඩුල්ල, මින්නේරිය, සෝමාවැතිය, අංගම්මැඩිල්ල සහ ගිරිතලේ ඇතුළු ජාතික වන උද්‍යාන තුල සිටින අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක් වැළදීමේ තත්වයක්  ඇති බව ත්‍රිකුණාමලය පොළොන්නරුව වනජිවි කලාපය භාර ගිරිතලේ වනජිවි සොඛ්‍ය කළමනාකරණ එකකයේ පශු වෛද්‍ය කේ.ඒ.එස්.එස්. කලිගුආරච්චි මහතා කියයි.

එසේ රෝගය වැළදුණු අලි පැටියෙකු කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ නිළධාරින් විසින් තම රෝහලට ගෙනවිත් භාරදී ඇති බවද ඔහු කියා සිටී.

 ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ

“පසුගිය 15 වැනිදා කවුඩුල්ල වනජිවි නිළධාරින් අපේ රෝහලට බාරදුන්න මවගෙන් මඟ හැරුණ  මාස එක හාමරක පමණ අලි පැටියෙක් ප්‍රතිකාර කරන්න.. පරික්ෂා කිරීමේදී ඒ අලි පැටියට වැටී  සිදුවුණ තුවාලවලට අමතර මුඛයේ සහ පාදවලත්  තුවාල තිබුණා..එම රෝග ලක්ෂණ අනුව මෙම අලි පැටියාට මුඛ හා කුර රෝගය වැළදී ඇති බව පෙනි ගියා...ඒ පිළිබද වැඩිදුර තහවුරු කර ගැනීම සදහා එහි සාම්පල් පෙරාදේණියේ පසු විමර්ශන අංශය වෙතත් යොමු කළා…”

“ කොහොමවුණත්, වනජිවි උද්‍යානවල සිටින සතුන්ට මෙවැනි රෝගයක් බෝ වීමට ඇති ප්‍රධානම හේතුව කියල අපි හඳුනගෙන තියෙන්නේ අනවසරයෙන් ගවයින් මේ උද්‍යානවලට ඇතුල් කිරීමත් ඒ වාගේම මෙම ගවයින් දස දහස් ගණනක් අලි ඇතුන් පරිභොජනය කිරිමට ඇති තණකොළ කෑම යන හේතු…”

ඉදිරියේදී උග්‍ර ආහාර හිඟයක් !

පශු වෛද්‍ය කේ.ඒ.එස්.එස්. කලිගුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ රක්ෂිතවල සිටින සතුන්ට ඉදිරියේදී උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

ඔහු මෙසේද පැවසීය.

“ මේ දිනවල අප කලාපයේ ඇති සියලු රක්ෂිතවල සිටින වන සතුන් පිළිබද විශේෂ ගවේශනාත්මක පරික්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ.. මොකද මෙම රෝගය වැළදුණු අලි ඇතුන් වගේම වෙනත් සතුන් ඉන්නවද කියල සොයා බලන්න...”

රෝගයට හේතුව අනවසර සතුන් 

මේ අතර උද්‍යාන භාරකරුවන් පවසා සිටින්නේ  සෑම උද්‍යානයකම විශාල ලෙස  අනවසරයෙන් ගවයින් ඇතුල් කිරීම සිදු කරමින් පවතින බවයි.

එසේම එක් පැත්තකින් උද්‍යානවල සිටින සතුන්ට කෑමට තිබෙන සියලු තණකොළ ගවයින් කෑමට ගන්නා බවත්,  ඒ හේතුවෙන් උද්‍යානවල සිටින සතුන්ට උග්‍රආහාර ගිඟයක් පවතින බවද ඔවුන් කියා සිටී.

ගවයින් බලා ගන්නා මුවාවෙන් වන උද්‍යාන තුළට දඩයක් කරුවන් ඇතුළුවන බවද  පවසන ඔවුන් වන සතුන් ආරක්ෂා කර ගැනීමට නම් කිසිදු පුද්ගලයකුට ඇතිකරන සතුන් වනයට ඇතුළු කිරීමට අවසර ලබා නොදිය යුතු බවද සඳහන් කළේය.

ඩබ්ලිව්.ඒ. පියතිලක - පොළොන්නරුව වාර්තාකරු
















ගිරිතලේ වනජිවි සොඛ්‍ය කළමනාකරණ එකකයේ පශු වෛද්‍ය කේ.ඒ.එස්.එස්. කලිගුආරච්චි මහතා















රෝගය වැළඳුණු අලි පැටියා



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka