gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු කොටි සාමාජිකයාගේ දියණියට උතුරු ආණ්ඩුකාරවරගෙන් අතහිත…

කොළඹ දී බෝම්බ පිපිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටින කිළිනොච්චියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ ආනන්දන් සුදාකරන්ගේ දියණියට අධ්‍යාපන කටයුතු කරගෙන යාම පිණිස මුදල් ආධාරයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පිරිනමනු ලැබීය.

නව අවුරුදු වෙනුවෙන් උතුරු පලාත් ආණ්ඩුකාර
කාර්යාලයේදී පැවති උත්සව අවස්ථාවකදී හිටපු කොටි සාමාජිකයාගේ දියණියට මෙම මුදල් ආධාරය පිරිනමුනු ලැබීය.

දරුවන් දෙදෙනෙකුගේ පියකු වන ආනන්ද සුදාකරන් බන්ධනාගාර ගතව සිටියදී මීට මාස දෙකකට ඉහතදී  ඔහුගේ බිරිද පිලිකා රෝගයෙන් මිය ගිය අතර ඇගේ අවසන් කටයුතු සඳහා සුදාකරන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද  බන්ධනාගාර බස් රථයකින් පැමිණ ආපසු යාමට සූදානම් වූ අවස්ථාවේදී කුඩා දියණියද පියා සමඟ යාමට අවශ්‍ය බව කියමින් බස් රථයට නැගීමත් සමගම එම අවස්ථාව සියල්ලන්ටම ඉතා සංවේදී විය.

පියාත් මවත් දෙදෙනාම අහිමි වී සිටින මේ දරුවන් දෙදෙනා මේ වන විට ඔවුන්ගේ ආච්චි සහ සීයා සමග හැදී වැඩෙන අතර ඔවුන්ගේ අනාගතය දෙස සානුකම්පිතව බලා සුදාකරන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස කිළිනොච්චියේ වැසියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර තුර සුදාකරන්ගේ දරුවන් උතුරු  පළාත් ආණ්ඩුකාරවරයා හමුවටද ගිය අවස්ථාවේදී එතුමා විසින් මේම පරිත්‍යාගය ලබා දී තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka