gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රීවීල්වලට මීටර්-බිල් නීතිය ක්‍රියාත්මකයි

බිල්පතක් නිකුත් කළ හැකි මීටරයක් සවි කළ යුතු බවට ත්‍රිරෝද රථ සඳහා පැනවූ නීතිය ඊයේ (20දා) සිට ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසයි.

දැනට මීටර් සවි කර ඇති සහ සවි කිරීමට නියමිත සෑම ත්‍රිරෝද රථයකම මගියාට බිල්පතක් ලබා දීමට හැකි වන මීටරයක් සවි කර තිබීම මෙම නීතිය මඟින්
අනිවාර්ය කරන බවද ඒ මහතා පැවැසීය.


ත්‍රිරෝද රථ සේවාවේ ගුණාත්මකභාවයක් ඇති කිරීමේ අරමුණින් මෙම නීතිය පැනවූ බවත් වෙළෙඳපොළේ අදාළ බිල්පත් ලබා දිය හැකි මීටර සුලබ වනතුරු මාස 6ක කාලයක් මෙකී නීතිය ක්‍රියාත්මක නොකර ත්‍රිරෝද රථ රියැදුරන්ට සහන කාලයක් ලබා දුන් බවත් එම කාලය එළැඹෙන ඊයෙන් (20දා) අවසන් වන බවත් හෙතෙම සඳහන් කළේය.

එහෙත් මේ සම්බන්ධව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසන්නේ බිල්පත් නිකුත් කළ හැකි මීටර් සවි කිරීම කිසිසේත් සිදු නොකරන බවත් මාර්තු මාසයේ 26දා සවිකර තිබූ මීටර් 15,000ක් පමණ මේ වන විට ගලවා ඉවත් කර ඇති බවත්ය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

රජය මැදිහත් වී කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ප්‍රමිතිගත මීටර් ලබා දෙන්නේ නම් පමණක් ත්‍රිරෝද රථ සඳහා අපි මීටර් සවිකරනවා. අද සිට බිල්පතක් නිකුත් නොකළොත් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණත් මේ වනතෙක් ඊට අදාළ නීතියක් සකස් කර නැහැ.

මේක සිසිර කෝදාගොඩ මහත්තයාගේ සහ ඔහුගේ ත්‍රිරෝද රථ සංගමයේ වැඩපිළිවෙළක්. මොකද මීටරයක් ත්‍රිරෝද රථයක සවි කරන විට රුපියල් 1,000ක් ඒ අයට යනවා. සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලලිත් ධර්මසේකර සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහත්තයා අත්තනෝමතිකව ගත්ත තීරණයක් මේක.

ත්‍රිරෝද රථ ලක්ෂ අටහමාරක් තියෙනවා. නමුත් ත්‍රිරෝද ලක්ෂ දෙකක විතරයි මීටර් සවිකර තියෙන්නේ. ඒ අනුව බලන විට ලංකාවේ තවත් බිල්පත් දෙන මීටර් සවි කරන එක මහා බොරු වැඩක්. ඒක කරන්න බැහැ.

මගී ත්‍රිරෝද රථ සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා ගත් එක් පියවරක් වන මෙම නීතිය යටතේ සියලුම මගී ත්‍රිරෝද රථ රියැදුරන් මගියා ගමන් කරන දුර ප්‍රමාණය, අය කෙරෙන මුදල, දිනය සහ වේලාව දැක්වෙන මීටරය මගියාට පැහැදිලිව දර්ශනය වන අයුරින් සවිකළ යුතු බවත් ගමනාන්තයේදී එම විස්තර ඇතුළත් බිල් පතක් මගියාට නිකුත් කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කරයි.

මෙම නීතිය උල්ලංඝනය කරන මගී ත්‍රිරෝද රථ රියැදුරන් පිළිබඳ මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ අංක 0112-696890 දරන දුරකතනය ඔස්සේ පැමිණිලි කරන ලෙසද එවැනි මගී ත්‍රිරෝද රථ රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

ත්‍රිරෝද රථ එකළොස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී ඇති අතර එයින් ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක් මගී ප්‍රවාහනයට යොදවා ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

- මවුබිම




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka