gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යාම ගැන නිසි පරීක්ෂණයක් නෑ

හම්බන්තොට සුචී ජාතික පාසැලේ  විදුහල්පතිනි  රෝහිනි කුමාරි අතපත්තු මහත්මිය නායකත්ව පුහුණුව දී සිදුවූ අනතුරකින් මිය යාම පිළිඳබව නිලධාරින් හත් දෙනෙකුට විරුද්ධව පරික්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය එම මරණය සිදුවූ දිනවල පැවැසුවත් මේ වනතුරු කිසිදු පියවරක් ගෙන නැතැයි ලංකා  ගුරු සංගමය කියයි.

මේ වන තුරු සිදුව ඇත්තේ මානව  සම්පත්
අධ්‍යක්ෂවරයා සහ නියේජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට ස්ථාන මාරු ලබා දීම පමණක් බවත් මීට වගකිව යුතු බව බැලූ බැල්මට පෙනෙන නිලධාරියෙකු විදේශ පුහුණුවකට යවා ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප්  ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.

ඇය වෙනුවෙන් මේ වනතුරත් කිසිදු වන්දියක් හෝ අනතුරු දීමනාවක් ලැබී නැති බවත් හෙතෙම කියා සිටියේය.

වන්දි ලබාදීම සඳහා මරණ සහතිකය ඉදිරිපත් කළ යුතු නමුත් මරණ සහතිකය ලබා  ගත නොහැකි වී ඇත්තේ නිලධාරින් විසින් වගකීම එක් එක් අය මත පැටවීම නිසා මරණ පරික්ෂණය අවසන් කරගත නොහැකි වී ඇති බැවින් යැයි ද ස්ටාලින් මහතා කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka