gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාළු රට පැටවිල්ල ලාභ බව අමරවීරගේ අමාත්‍යංශය කියයි !

යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් වීමෙන් පසුව පසුගිය මාස 21 තුළ මත්ස්‍යයින් මෙට්‍රික් ටොන් 58,578ක් අපනයනය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියා සිටී.

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කෙරුණේ 2016 වසරේ ජුලි මාසයේ දීය.

ඉන් පසුව මේ දක්වා අපනයනය කර ඇති
මත්ස්‍යයින්ගේ වටිනාකම රුපියල් මිලියන 92,117කි.

වසර 2014 දී අපනයනය කර ඇති මසුන්ගේ වටිනාකම රුපියල් මිලියන 2,103 ක් පමණක් වන අතර මේ අනුව යුරෝපා සංගමයේ තහනම ඉවත් කිරීමෙන් වැඩි ලාභයක් ලබා තිබේ.

මේ වසරේ ජනවාරි හා මාර්තු අතර කාලය තුළ පමණක් උපයා ඇති ආදායම මිලියන එකොළොස් දහසකට අධික බවද මේ අතර වාර්තා වේ.

මේ වන විට මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 36 සිට 68 දක්වා ඉහළගොස් ඇති බවද පැවසේ.

මෙරටින් අපනයනය කෙරෙන ටූනා මසුන්, ඉස්සන්, පොකිරිස්සන් හා කකුළුවන් සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් පවතින බවද එම ව්‍යාපාරයේ යෙදීසිටින්නෝ කියති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka