gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොව භයානක මත්ද්‍රව්‍යයක් ලංකාවේදී පළමු වරට හසුවේ

ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යක් වන බ්ලැක් මැන්ඩි සමග විදේශිකයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තංගල්ල, රැකව ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

බ්ලැක් මැන්ඩි මත්ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවෙන් සොයා ගැණුනු පළමු අවස්ථාවද මෙය බව පැවසෙනවා. අත්අඩංගුවට ගැණුනු විදේශිකයා ඕස්ටි‍්‍රයානු ජාතිකයෙක්. ඔහු සතුව තිබී ඇති බ්ලැක් මැන්ඩි ප‍්‍රමාණය ග‍්‍රෑම් 82 ක්
පමණ වනවා. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 12 ක් පමණ බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

ඕස්ටි‍්‍රයානු ජාතිකයා මෙම මත්ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවට රැගෙන ඇත්තේ සිය යටඇදුම්වල සගවා ගෙන බව ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා. අත්අඩංගුවට ගැණුනු ශී‍්‍ර ලාංකිකයන් ළග තිබී හෂිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 240 ක් ද සොයා ගැණුනු බවයි සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka