gossip lanka

දඹුල්ල කැකිරි ගොවියාගේ ආදායම රු.100යි

කැකිරි තොගයක්‌ අලෙවි කර ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයට රැගෙන ගිය ගොවියකු සිය වගාවෙන් ලැබූ සමස්ත ආදායම රුපියල් 100 ක් බව වාර්තාවේ.

ඉබ්බන්කටුව සමගි මාවතේ පදිංචි ආර්. බී. ඒකනායක (70) නම් වන එම ගොවියා සිය අත්දැකීම මෙසේ විස්‌තර කළේය.

“පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයට මම
වගා කළ කැකිරි කිලෝ 55 ක්‌ රැගෙන ගියා. ඒවා අලෙවි කර මට ලබාගත හැකිවූයේ රුපියල් 100/- යි. කැකිරි තොගය ත්‍රීවිල් එකෙන් ප්‍රවාහනය කිරීමට රුපියල් 450 යි“.

 "මමත් බිරිඳත් ගිනි අව් කාෂ්ටකයේ මේ වගාව කළේ බලාපොරොත්තු ඇතිවයි. කැකිරි වගා කිරීමට යෙදූ අක්‌කර භාගයේ ඉඩමේ සී සෑමට පමණක්‌ ට්‍රැක්‌ටර් කුලිය රුපියල් 3500/- ක්‌ වැයවුණා. ඉබ්බන්කටුව ජලාශයේ සිට අඩි හත්අටසියයක්‌ බට යොදා මෝටරයකින් ජලය පොම්ප කිරීමට සිදුවුණා. එහෙව් වියදමක්‌ දරා ලබාගත හැකිවූයේ රුපියල් 100/- ක්‌ නම් ගොවියාගේ අනාගතය ගැන කවර කතාද? නමුත් සුපර් මාර්කට්‌ හා වෙළෙඳ සල්වල කැකිරි කිලෝවක්‌ රුපියල් 25 ත් 30 ත් අතර මිලකට අලෙවි වෙනවා. ගොවියාගේ එළවළුවලට සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි නම් එම වගාවෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක්‌ නෑ. මා ඇතුළු ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් විමසන්නේ එම ප්‍රශ්නයයි" යැයි පැවසීය.




gossip lanka