gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේන්ද්‍රන්ට රතු නිවේදන නිකුත් කිරීමේ ගැටලුවක්

බැඳුම්කර මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු බව වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිසි ක්‍රමවේදයකට අනුව නීතිමය පියවර නොගැනීම නිසා හෙතෙම අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්‌ ලබා ගැනීමද බරපතළ ගැටලුවක්‌ වී ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව මේ වනතරුත් නඩු පවරා නොතිබීම
මෙන්ම ඒ මහතාට එරෙහිව චෝදනා පත්‍ර භාර දී නොතිබීම නිසා ජාත්‍යන්තර රතු නිවේදනය ලබා ගැනීමට මේ වනතුරුත් නොහැකිවී ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.

සැකකාර අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකු නිසා ඔහුට එරෙහිව නිසි ක්‍රමවේදයකට අනුව නීතිමය පියවර නොගැනීම මෙම රතු නිවේදනය ලබා ගැනීමේ ගැටලුවට හේතුවී ඇති බවද පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටියි.

අර්ජුන මහේන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්‌ද නිකුත් කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් මේ වන විට බන්ධනාගාරගත කර සිටිති.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka