gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වැනිදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ හරහා මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට යැවීමේ අවස්ථාව යළි හිමිවන බවද අමාත්‍ය රිෂාද් බදියුදීන් සහන් කළේය.

මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
මහතා ප්‍රතිලාභී රටවල් 120 ක් සඳහා ජී.එස්.පී  බදු සහනය ලබා දීමට අවසර ලබා දී තිබෙන අතර මෙම දියුණු වෙමින් පවතින රටවල් 120 ක නිෂ්පාදන 5000 ක පමණ ප්‍රමාණයකට, මෙම බදු සහනය අපනයනයේදී හිමිවන බවත් මෙම බදු සහනය යළිත් වරක් මේ අප්‍රෙල් 22 සිට ක්‍රියාත්මක කෙරෙන බවට දැනුවත් කොට ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලින් සියයට 70 ත් 75 ත් අතර ප්‍රමාණයක් මේවනවිට  අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවට වන අතර, පසුගිය වසරේදී එරටට සිදුකළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 සිට ඇමෙරිකන් ඩොලර් බිලියන  3 දක්වා ඉහළ ගොස් ඇති බව ද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව 22 වැනිදා සිට යළිත් වරක් අමෙරිකානු GSPබදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka