gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිංගික හිංසනවලට එරෙහිව නීතිය තද කිරීමට යයි

මිරිස්ස සිදුවීමට අදාළව දේශපාලන ආධාරකරුවන් නොව වෙනත් කුමන ආධාරකරුවකු සිටියද වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන හැකි ඉක්මනින් නීතිමය පියවර ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික හා ශාරීරික
හිංසන සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු බලපෑමකට යටත් නොවී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් දැනටමත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දාහතර දෙනකු (14) අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සංචාරක පොලිසිය ශක්තිමත් කරන බවත් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථාන 20ක සංචාරක මුරපොළවල් ආරම්භ කිරීමට දැනටමත් රජය විසින් රුපියල් මිලියන 30ක් වෙන් කර තිබෙන බවත් සංචාරකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බැලීමට මෙහිදී සංචාරක පොලිසිය විශේෂයෙන්ම කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka