gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් සහ රංගේ හමුවෙයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අතර හමුවක් ඊයේ (04) සන්ධ්‍යාවේ සිදුව ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

ඒ, අරලියගහ මන්දිරයේදීයි.

එහිදී විශ්වාසභංග යෝජනාව හා වත්මන් දේශපාලන තත්ත්වය
සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා හමුවී පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ද සාකච්ඡා කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමත් සමග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතා බහක් මතුවුණා. රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවටයි.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාලිත රංගේ බණ්ඩාර සමග එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්තී‍්‍රවරු පිරිසක් ද සාකච්ඡා කර ඇති බවයි  වාර්තා වුණේ. කාවින්ද ජයවර්ධන, නාලක කොලොන්නේ, නලීන් බණ්ඩාර යන මන්තී‍්‍රවරුන් ඒ අතරට අයත්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද (05) පැවැත්වෙනවා.  එහිදීද පක්ෂ ප‍්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

ප‍්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ කමිටු වාර්තා එහිදී අග‍්‍රාමාත්‍යවරයා වෙත ලබා දීමටද නියමිතයි. ඒ සඳහා කමිටු තුනක් පත් කෙරුණු අතර එහි වාර්තා තුනම අද දිනයේ භාර දෙනු ඇති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka