gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතිවාදය වැපිරූ ෆේස්බුක් ගිණුම් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්

ජාතිවාදය හා ආගම්වාදය වැපිරීමට මෙන්ම රාජ්‍ය විරෝධී කටයුතු සදහා  සමාජජාල වෙබ් අඩවි සහ මුහුණු පොත් 80 ක් පමණ එකම ස්ථානයක සිට ක‍්‍රියාත්මක වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ පිළිබද සියලූ තොරතුරු මේ වන විට අනාවරණ වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ. ඔහු මෙම අදහස් පළ කළේ බේරුවල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

පළාත් පාලන මැතිවරණයෙන් පසු අම්පාර සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවල විවිධ ජාතිවාදි සහ ආගම්වාදි කළබල ඇති වූ බවත් යහපාලන රජයට බලපෑම් කිරීමේ අරමුණින් ඇතැමුන් මෙම ජාතිවාදි සහ ආගම්වාදි කළබල නිර්මාණය කළ බවද අමාත්‍යවරයා කියා සිටියා.

එම සිද්ධීන් තුළින් ශ‍්‍රී ලංකාවට කලූ පැල්ලමක් එක්වූ බැවින් මෙම සිද්ධිවලට සම්බන්ධ වරදකරුවන්ට දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka