gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොළොන්නරුවේ ඉදිආප්ප පාර්සලයක තිබුණු හැට්ට කටුව

පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට පිහිටි හෝටලයකින් මිලදී ගත් ආහාර පාර්සලයක හැට්ට කටුවක් තිබි හමුවී ඇත. මහ රෝහල් කාර්ය මන්ඩලයට අයත් අයෙක් මෙම ආහාර පාර්සලය මිලට ගෙන ඇත. තමා මිලට ගත් ඉදිආප්ප හා
පරිප්පු සහිත ආහාර පාර්සලය තම කාර්ය මණ්ඩලය සමග ආහාරයට ගන්නා අවස්ථාවේ හැට්ට කටුව තිබූ බවත් මේ පිළිබඳව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට හා රෝහල් මහජන පරීක්ෂකවරයාට
පැමිණිලි කළ බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම මේ සම්බන්ධව ‍පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා ‍පොළොන්නරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා යන නිලධාරීන් වෙතටද දැනුම් දී ඇත.

තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික දන්ගන්‍පොළ මහතා පවසා සිටියේ මෙම හෝටලය සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇති බවත් මේ වනවිට ඒ සම්බන්ධයෙන් අධිකරණයෙහි නඩු පවරා ඇති බවත් තම කාර්ය මණ්ඩලය පරීක්ෂා කොට පෙන්වා දුන් අදාළ හෝටලයේ අඩුපාඩු ඉදිරියේදී සකසා ගැනීමට හෝටල් හිමිකරු එකඟ වී ඇති බවත්ය.

සමන් බදුල්ලගහපිටිය – මැදිරිගිරිය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka