gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් සංවිධානවලින් ඉල්ලීමක්

සියලු ශී‍්‍ර ලාංකිකයින්ට සාමයෙන්, සමඟියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීම සඳහා රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ ජනපති හමු වී පවසා ඇත.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මුස්ලිම් සංවිධානවල නියෝජිතයින් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී
ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.

ඉතා සුළු අන්තවාදී පිරිස් මෙම කලහකාරී සිදුවීම් ඇතිකරන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවත්නා බව ජනාධිපතිවරයා එම නියෝජිතයින්ට අවධාරණය කළේය.

සියලූ ජාතීන්ට සමඟියෙන් සහ සහජීවනයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම සඳහා ගතහැකි සෑම පියවරක්ම මේ වනවිට රජය ක‍්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම් පිළිබඳව එම නියෝජිතයින් මෙහිදී තම කණගාටුව ප‍්‍රකාශ කළ අතර එම ගැටුම් වැළැක්වීම සඳහා ජාති ආගම් භේදයකින් තොරව ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියහ.

ජාති සහ ආගම් භේද මතුකරමින් කාලයක් තිස්සේ වරින්වර මතුවන මෙවැනි ගැටුම් ඉදිරියට ඇතිවීම වැළැක්වීමට සුදුසු දීර්ඝකාලීන විසඳුමක් ලබාදිය හැක්කේ ජනාධිපතිවරයා පමණක් බැවින් ජනාධිපතිතුමාගේ ධූරකාලය තුළදීම එවැනි විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද එම නියෝජිත පිරිස ජනාධිපතිවරයා වෙත කියා සිටියේය.

එවැනි සමාජ විරෝධී ක‍්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටි නියෝජිතයින්, සමාජ මාධ්‍ය ජාල තුළින් ද ජාතින් අතර ගැටුම් ඇතිකිරීමට අවස්ථා ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියේය.

මේ හමුවට සිලෝන් ජමෙයිතුල් උලමා සංවිධානයේ නායකයින් සහ මුස්ලිම් සිවිල් සමාජයේ නියෝජිතයින් සහභාගී විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka