gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව බිඳ දැමීමට ආසන්නයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ ගෙන එන අතර, ආණ්ඩුව බිඳ දැමීමට ආසන්න වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

එම ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින්ම සිදුකරනු ලබන බවටත් එහිදී තමන්ට විශාල කාර්ය භාරයක් සිදුකිරීමට ඉතිරිව නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ සිටින විදෙස් මාධ්‍ය වාර්තාකරුවන් සිය
නිවහනේදී හමුවෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම සම්මුඛ සාකච්ඡාව ලබාදී තිබෙනවා.

ඒ පිළිබද වාර්තාවක් ගෙන එන ඉන්දියාවේ හින්දු පුවත්පත සඳහන් කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු යහපාලන රජයේ දුර්වලවීමක් සහ පක්ෂ අතර බෙදීමක් දක්නට ලැබෙන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් දැයි එහිදී විදෙස් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට නම් කරන්නේ නම්, තමන් ඊට සහය දක්වන බවයි.

මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ සිටින බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළා.

පසුගිය දා මහනුවර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වෙත එල්ල වන චෝදනා ද හිටපු ජනාධිපතිවරයා විදෙස් වාර්තාකරුවන් හමුවේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka