gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිලිනොච්චියෙන් ඊළාම් බැංකුවලට අයත් පාස් පොත් හමුවෙයි

යුද සමයේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය ඊළාම් බැංකුවලට අයත් පාස් පොත් ගණනාවක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේදී හමුවී ඇතැයි ආරක්ෂක අංශ කීය.උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ මුදල් ලක්ෂ ගණනින් අහිමි කළ මෙම බැංකු ක්‍රමය පසුගිය යුද සමයේ උතුරු නැගෙනහිර කොටි පාලන ප්‍රදේශවල පැවතුණි. මෙහිදී ඔවුන් විවිධ ඉතුරුම් ක්‍රම හඳුන්වා දී තිබූ අතර එකල මෙම ප්‍රදේශවල වැසියෝ
විශාල වශයෙන් මෙම බැංකුවල මුදල් තැන්පත් කළහ.

ඒ යුද්ධය හමාර විමත් සමග ඊළාම් බැංකු ක්‍රමය අහෝසි විම හා එම මුදල වගකීම භාර ගැනීමට අයකු නොමැති වීම හරහා උතුරු නැගෙනහිර ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ඔවුන්ට මෙම ඊළාම් බැංකු ක්‍රමය හරහා අහිමි විය. ඒ අනුව මෙම කරුණු යළිත් කරළියට පැමිණෙන්නේ පසුගියදා කිලිනොච්චිය ප්‍රදේශයේ සාමාන්‍ය වැසියකු වැසිකිළි වළක් කැපීමට යැමේදි ඒ තුළින් පොලිතින් උරයක බහා තිබූ ඊළාම් බැංකු පාස්පොත් තොගයක් හමුවීමත් සමගය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka