වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (05) සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.
මෙම පොලිස් ඇඳිරි නීතිය අද (06) උදෑසන 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි ඊයේ දින පැනවූවා.
මහනුවර - තෙල්දෙනිය සහ දිගන ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ සාමය
ඇති කිරිමේ අරමුණින් මෙම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මේ වනවිට ප‍්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා. කෙසේ වෙතත් මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයේ සියලූ රජයේ පාසල් අද දිනයේ වසා තැබෙනවා.
මහනුවර පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ
2018-03-06T08:51:00+05:30
Gossip Lanka Hot News
slide|