gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳගේ හෙරෝයින් සැමියගේ යට ඇඳුමේ සැඟවෙයි

පානදුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක ඇතුළු හත්දෙනකු ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු සමත්වූහ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණය, උයන්කැලේ, දීගබැද්ද සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 42, 27, 39,
20 ආදී වයස්‌වල පසුවන අය බව දූෂණ මර්දන අංශය පවසයි.

විකිණීමට ගෙනා හෙරොයින් ග්‍රෑම් 11 ක්‌ සහ මිලිග්‍රෑම් 675 ක්‌ සන්තකයේ තිබී සොයාගත් බවත් එහි වටිනාකම රුපියල් ලක්‍ෂ තුනහමාරකට අධික බවත් දූෂණ මර්දන අංශය පවසයි.

මෙහිදී මෙම හෙරොයින් ජාවාරමේ ප්‍රධාන මොළකරුවා වන කහතුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුද අත්අඩංගුවට ගැනීමට දූෂණ මර්දන අංශය සමත්වී ඇත.

පොලිස්‌ අත්අඩංගුවට පත්වූ විසි හැවිරිදි විවාහක කාන්තාව මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණය ආශ්‍රිතව හෙරොයින් ජාවාරමේ යෙදී සිටි තැනැත්තියක්‌ බවත් ඇය වෙනත් අයෙකුට හෙරොයින් විකුණමින් සිටි අවස්‌ථාවේදී පොලිසිය දැක පැනගිය බවත් පසුව සෝදිසි කරන විට ඇගේ ස්‌වාමිපුරුෂයාගේ යට ඇඳුම් ඇතුළේ තිබි හෙරොයින් සොයාගත් බවත් පොලිසිය පවසයි.

මෙම කාන්තාවගේ ස්‌වාමිපුරුෂයා අධිකරණයෙන් දඬුවම් ලබා මීට මාසයකට පෙර බන්ධනාගාරයෙන් නිදහස්‌ව පැමිණි අයකු බවද හෙළිවී ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.පානදුර දකුණ මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka