gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂක අමාත්‍යාංශ ගණකාධිකාරිනිය ඉවතට !

ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර සැපයීමේ ටෙන්ඩරයෙන් රුපියල් කෝටි 200ක මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි කමණී හෙට්ටිආරච්චි මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන සංචිතය වෙත මාරු කර යවා තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඉකුත් 2 වැනිදා
සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.

මෙම වංචාව සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා 'අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබීය.

ඒ 2017 සහ 2018 යන කාල සීමාව තුළ මෙම වංචාව සිදුවූ බවටත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරියත්, ටෙන්ඩර් මණ්ඩලයේ සහ තාක්ෂණික කමිටුවේ සභාපතිවරුන් දෙදෙනා වගකිව යුතු බවත් සඳහන් කරමිනි.

මීට මාස 06කට පෙරද මෙම ප්‍රධාන ගණකාධිකාරිවරිය ආරක්ෂක අමාත්‍යාංශයේ සිට රාජ්‍ය පරිපාලන සංචිතය වෙත මාරු කර යවා ඇති නමුත් ඇය එම ස්ථාන මාරුව පිළිනොගෙන ආරක්ෂක අමාත්‍යාංශයේම රාජකාරි කටයුතු සිදුකර ඇත.

කෙසේ නමුත් මෙවර ලබාදුන් ස්ථාන මාරුව ඇය විසින් මඟහරින්නේ නම් ඇය සේවය හැර ගියා සේ සලකන බවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඇයට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් 'කළ විමසුමකදී බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සඳහන් කළේ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා විසින් මෙම ටෙන්ඩර් වංචාවට සම්බන්ධ සියලු තොරතුරු තමාගෙන් ඉල්ලා ඇති බවය.

එම සියලු තොරතුරු අද (05දා) දින පස්වරු 3.00ට රැස්වෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍යවරයාට ලබා දෙන බවත් ඔහු පැවැසීය.

මෙම අරගල තමන් පටන් ගන්නා පමණක් බවත් ඉදිරියේදී මීට අදාළ තවත් කරුණු හෙළිදරව් කරන බවත් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka