gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිපයේ කැබිනට් සංශෝධනය කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ශ්වයේ සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනය තවදුරටත් කල් දැමීමක් හෝ ප්‍රමාදවීමක් සිදුවිය හැකි බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශ්වයෙන් පොඩි කැබිනට් සංශෝධනයක් සිදු වෙතැයි පැවැසූ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ යහපාලන රජය
කෙතරම් දුරට ඉදිරියට යයිද නැද්ද යන කාරණය පිළිබඳවත් පැහැදිලි නිගමනයක් නැති බවයි.

ශ්‍රී ලනිපය ලෙස ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාව දැඩි ලෙස පවතින බවත් පක්‍ෂය ශක්තිමත් කිරීමේ ප්‍රශ්නයද දැඩි ලෙස පවතින බවත් ඇමැතිවරයා කීවේය.

මැතිවරණ ප්‍රතිඵලවලදී සිය පක්‍ෂයේ ඡන්ද පොහොට්ටුවට ගිය බවත් එම ඡන්ද සිය පක්‍ෂය තුළ රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවක් පවතින නිසා සියලු පාර්ශ්ව හා සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු පැවැසුවේය.

එසේම මේ වනවිට ආණ්ඩුව තුළ පොඩි වියවුල්කාරී බවක් පවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහනුවර ප්‍රදේශයේ විවෘත කළ කන්ද උඩරට උරුමය සුරැකීමේ උප අමාත්‍යාංශ පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

(මව්බිම)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka