gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තා දිනයට සමගාමීව නීතිඥවරියන් හට අලුත් ඇදුමක්.

ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිදු විය. මෙම නව හඳුන්වා දීමත් සමඟ නීතිඥවරියන්ට විවෘත අධිකරණවලට පෙර ඇඳි සාරියට අමතරව කමිසයකින් සහ කලිසමකින් සැරසී කළු කබාය පැලඳ පැමිණීමට අවස්ථාව උදාවේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ මඟපෙන්වීම සහ මූලිකත්වය යටතේ ශ්‍රී
ලංකා කාන්තා නීතිඥ සංගමයේ ඉල්ලීම මත මෙම කටයුත්ත සිදුව ඇත.

ඒ සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සහ ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සහ ජනාධිපති නීතිඥ ඊවා වනසුන්දර මහත්මියගේ අනුමැතියද ලැබී තිබේ.

මෙම නව ඇඳුම සංකේතවත් කරමින් එම නව ඇඳුම පැලඳ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපතිනි ජේ‍යෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය, කඩුවෙල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ සහ එම සංගමයේ ලේකම් නීතිඥ රුචිරා ගුණසේකර මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පෙනී සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka