gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෝෂල් මීඩියා නැතිවීමෙන් ලෙඩ්ඩු වැඩි වෙයි !

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර වීම නිසා ඒවාට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයන් තුළ; විශේෂයෙන් තරුණ තරුණියන් තුළ නොසන්සුන් හා කලබලකාරී ලක්ෂණ (anxiety symptoms) පහසුවෙන් ඇතිවිය හැකි යැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතා පැවසූ බව ලක්බිම පුවත්පත වාර්තා කර තිබේ.

ඔවුන් තුළ පෙරපැවති සතුටු සහගත ස්වරූපය
ගිලිහීයාමත් ඒ තුළින් පෞරුෂ, පවුල්, ප්‍රජා සහ සමාජ සබඳතාවයන්හි යම් යම් බිඳවැටීම් දැකිය හැකි බවත් පෙන්වා‍දෙන වෛද්‍ය රුමී රූබන් ප්‍රකාශ කරනුයේ මේ සම්බන්ධයෙන් දෙමාපිය වැඩිහටියන්ගේ විශේෂ අවධානය එම දරුවන් කෙරෙහි යොමු විය යුතු බවද දැක්වේ.

ෆේස්බුක් ඇබ්බැහියාව (Facebook addiction) මිනිසුන් තුළ ඇතිවිය හැකි විවිධ ඇබ්බැහියාවන් අතරට අලුතින්ම එක්ව ඇති ඇබ්බැහියාවක් බව පවසන විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එවැනි ඇබ්බැහිවීම් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කෙසේවත් යහපත් තත්ත්වයක් නොවන බවය.

ඒ නිසා දරුවන් එම ඇබ්බැහියාවෙන් මුදවාගැනීම පිණිස සතුට විනෝදය ගෙන දෙන වෙනත් විනෝදාංශ කෙරෙහි දරුවන් යොමුකිරීමේ වගකීම දෙමාපියන් වෙත පැවරී ඇති බව පෙන්වාදෙන ඔහු වැඩිදුරටත් අනාවරණය කරනුයේ මෙම ලක්ෂණ දිගින්දිගටම පැවතීම තුළින් ඔවුන් තුළ පවත්නා සාංකාත්මක අර්බුද (anxiety disorders) නම් මානසික රෝගී තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බවය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka