gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උදයංග ලංකාවට ගෙන්වීම අපහසුයි - ප්‍රතිභා

ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුකළ හැක්කේ තානාපති සබඳතා යටතේ පමණක් බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර පොලීසිය මගින් වෙනත් රටකදී අත්අඩංගුවට ගන්නා ලද
සැකකරුවෙකු තවත් රටකට භාරදීමට අදාළ උදර්පන නීතියට ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග මෙතෙක් ගිවිසුම් ගතවී නොතිබීම ඊට හේතුව බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ පිළිබඳව ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිරීතිවලට අනුව නිල දැනුම්දීමක් ලබාදෙන තුරු ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බවත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ලැබෙන බවත් ඔහු කියා සිටියේය.

ඇමරිකා එක්සත් ජනපදය බලා ගමන් කිරිමට සූදානමින් සිටියදී උදයංග වීරතුංග ඊයේ (04 දා) ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය මගිනි.

මිග් යානා ගණුදෙනුවට අදාළව අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරමින් පවතී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka