gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්‌ඩුව ගැන ජනතාවගේ අප්‍රසාදය ඡන්දයෙන් පෙන්නුවා.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ආණ්‌ඩුව දැන්වත් ඉටුකළහොත් මීළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ විපක්‍ෂ අපේක්‍ෂකයාට තරගයක්‌වත් දිය හැකි බව එක්‌සත් ජාතික පක්‍ෂ හිටපු මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වත්මන් පාලනය පිළිබඳ ජනමත
විචාරණයක්‌ බවත් එමගින් ආණ්‌ඩුවට ජනතාවගේ දැඩි අප්‍රසාදයක්‌ පෙන්වා ඇති බවත් හෙතෙම කීය.

රටේ ජනාධිපති සහ අගමැති ආණ්‌ඩුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා තිබියදීත් ලැබුණු මෙම පරාජය පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුනොකිරීම නිසා සිදුවූ බවත් රට සහ ජනතාව ගැන නොසිතා ආණ්‌ඩුව ක්‍රියාකරන බව ජනතාව විශ්වාස කිරීම මෙම පරාජයට හේතුවක්‌ බවත් ඒ මහතා කියා සිටියේය.

දුන් පොරොන්දු ඉටුකර රටට හිතවාදී ගමනක්‌ යාමට ආණ්‌ඩුව ක්‍රියාකළහොත් මීළඟ ජනාධිපතිවරණයේදී යම් සටනක්‌ හෝ දිය හැකි බවද තිස්‌ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka