gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාචාලයන් පරාදයි.. ජනාධිපති-අගමැති ප‍්‍රතික්‍ෂෙපයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කර  ජනතා අයිතිවාසිකම් කප්පාදු කල රජයට ජනතාව කතිරෙන් පිළිතුරු දුන්නා.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරමින් ජනතා අයිතිවාසිකම් කප්පාදු කල රජයට, කතිරයෙන් පිළිතුරු දුන් ජනතාවට අප සංවිධානයේ ස්තුතිය ප්‍රකාශ කරමු.

පොල් ගෙඩියක් රුපියල් 100 කටත් හාල් කිලෝවක් රුපියල් 120 කටත් මිලදී ගැනීමට පසුගිය කාලයේ ජනතාවට සිදුවිය. එම යථාර්තය අමතක කිරීම සදහා වාචාල දේශපාලකයන් යොදා ගනිමින් කටයුතු කල ආකාරය පිලිබදව ජනතාව බලා සිටියේ උපේක්ෂා සහගතවය.

බෙහෙත්  මිල අඩුකළ බවට ජනතාවට දැන්වීමට රජයේ මුදල් කෝටි 20 ක්   වාචාල ඇමතිවරයා  වියදම් කළේය. පාරිභෝගිකයෙක්  අසාධාරණයට පත් වූ විට පැමිණිලි කිරීමට තිබු පාරිභෝගික අධිකාරිය අක්‍රීය කළේය.

රජයට කඩේ නොගිය සිවිල් සංවිධාන වලට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් දුන්නේ නැත. ඒවායේ ප්‍රතිඵල අද රජය භුක්ති විදී.

ජනතාව පැහිදිලිවම දේශපාලන වෙනසක් ඉල්ලා සිටින බව පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලිය. විශේෂයෙන්ම ජනාධිපති වරයා හා  අගමැතිවරයාද ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. කොමිෂන් වාර්තා මගින් ජනතා අප්‍රසාදය වලක්වාගනිමින් තම ඡන්ද ගොඩ  වැඩිකර ගැනීමට ජනාධිපතිවරයා ගත් උත්සහයද ව්‍යර්තවී ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කර ජනතාවට සහන දීම සදහා රජය අද සිට කටයුතු යුතුය. පාරිභෝගික අධිකාරිය භාර හා සුව අමාත්‍යංශය භාර වැඩ බැරි ටාසන්ලා වහා ඉවත් කල යුතුය. මෙම මැතිවරණයෙන් ජනතාව ඉල්ලා සිටින්නේ එයයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka