gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවයි අලියයි එකතු වෙන ලකුණු ?

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ බලය පිහිටුවීම එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ.

මැතිවරණ ප්‍රතිඵලය අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තරග කළ එජාපය ඡන්ද 36,085ක් ලබාගත් අතර ඒ අනුව එම පක්ෂයට මන්ත්‍රීවරු 15 දෙනෙකු හිමිවිය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 36,029ක්
ලබාගත් අතර එම පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී සංඛ්‍යාව 14 කි.

නව ඡන්ද ක්‍රමය අනුව සමානුපාතික ලයිස්තුවෙන් එජාපයට මන්ත්‍රීවරු 04ක්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රීවරු 05ක්ද හිමිව තිබේ.

ඒ අනුව දෙපක්ෂයේම මන්ත්‍රීවරු සංඛ්‍යාව 19 ක් ලෙස සමාන වී ඇත.

මේ නගර සභාවට තරග කර ඡන්ද 10,956ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 06ක් හිමිව තිබේ.

ඒ අනුව දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ බලය පිහිටුවීමට නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුතුව තිබේ.

කෙසේවුවද, මේවන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා දැනට ප්‍රකාශකර ඇත්තේ බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවන බවයි.

ඒ අනුව දැනට සන්ධාන ගත නොවන බවට කිසිදු ප්‍රකාශයක් කර නැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයයි.

මැතිවරණ ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු !

අදාළ, සිද්ධියත් සමඟ නව මැතිවරණ ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ඉඟි පලකර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඔවුන් කියා සිටින්නේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමේ බලය මේවන විට ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බවයි.

ඒ අනුව ජයග්‍රාහී පක්ෂයට පාලන බලය පිහිටුවීමේ අවස්ථාව අහිමිවීම කනගාටු දායක බව ඔවුන් කියා සිටිති.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka