gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

EPDP - TNA සන්ධාන ගතවෙයි !

උතුරු පළාතේ පිහිටි පළාත් පාලන ආයතන තුළ තනිව බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත සහයෝගය පළ කිරීමට තීරණය කළ බව ඊ.පී.ඩී.පී.පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.


දේවානන්ද මහතා පැවසූවේ මාස හයක කාලයක් තුළ ජනතා සේවාවන්
වෙනුවෙන් ගනු ලබන තීරණවලදී දෙමළ ජාතික සන්ධානය වෙත සහයෝගය පළ කිරීමට තම පක්ෂය තීරණය කොට ඇති බවයි.


දෙමළ ජාතික සන්ධාන නායකයින් සිදුකළ ඉල්ලීම් අනුව පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් අදාළ ස‍හයෝගය ලබාදීමට තීරණය කරනු ලැබුවද, බලය පිහිටුවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය ජනතා සේවාවන් වෙනුවෙන් මූලිකත්වය ලබාදී කටයුතු නොකළහොත් තම පක්ෂය අදාළ සහයෝගය ලබාදීම නවතා දමන බවට දැනුම්දී ඇති බවද හෙතෙම පැවසුවේය.

මෙවර පළාත් පාලන මැතිරණයේදී ඊ.පී.ඩී.පී. පක්ෂය යාපනය කයිට්ස් ප්‍රාදේශීය සභාවේ හා ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගත් අතර උතුරු පළාතේ බහුතරයක් පළාත් පාලන ආයතන වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂකයන්ද ජයග්‍රහණය කිරීමට සමත් විය.

මැතිවරණ ප්‍රතිඵල අනුව උතුරු පළාතේ පළාත් පාලන ආයතන කිහිපයක හැර බහුතරයක් පළාත් පාලන ආයතනවල තනි බහුතර බලය ලබාගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් නොලැබිණ.

තමන් සහයෝගය ලබාදීමට එකඟ වී ඇති මාස හයක කාලය තුළ දෙමළ ජාතික සන්ධානය නිසි පරිදි පාලන කටයුතු සිදුකළ හොත් ඉදිරි කාලය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊ.පී.ඩී.පී. පක්ෂය තීරණය කරන බවද දේවානන්ද මහතා සදහන් කළේය.

රිසික මිනුල් - වව්නියාව වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka