gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීගිරිය කැටපත් පවුරේ දිලීර ඇති වීමට හේතුව මෙන්න - ප්‍රතිකාර කිරීම කඩිනමින් ඇරඹෙයි (photos)

සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා අනාවරණය වීමත් සමග සීගිරිය කැටපත් පවුරේ අදාල කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල සහ මධ්‍යම  සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ  ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත
ගුණවර්ධනගේ අධීක්ෂණය මත රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයින් සීගිරිය කැටපත් පවුරේ අදාල කොටසේ සංරක්ෂණ කටයුතු ඊයේ (05) ආරම්භ කරනු ලැබුවා.

ඒ දිලීර වර්ධනය මෙන්ම උෂ්ණත්වය නිරීක්ෂණය සහ ගණනය කළ හැකි අධි තාක්ෂණික කැමරාද යොදා ගනිමින්.

කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ව  දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම තත්වයට වහා පිළියම් යෙදීම සඳහා සෑම පියවරක්ම ගන්නා ලෙසත් අවශ්‍යතාව මත විදෙස් විශේෂඥ සහය ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

මෙම දිලීර ව්‍යාප්තිය  පිළිබඳ අදහස් දැක්වූ මධ්‍යම  සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේ මෙය සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස සමඟ සිදුවන ස්වභාවික සංසිද්ධියක් බවයි. රසායනික ප්‍රතිකාර හරහා නැවත යථාතත්වයට පත් කළ හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නා.

(එම කටයුතු සිදු කරන අයුරු දැක්වෙන ඡායාරූප පහතින් දැක්වෙයි)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka