gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෝට් සිටි ඇරැඹීමටත් පෙර කෝටි 28000ක ආයෝජන ඇවිත්!

මෙරට ඉතිහාසයේ ඉහළම ආයෝජනයක් පෙන්නුම් කරමින් ලබන වසර ආරම්භ වන විට ‍පමණක් රුපියල් කෝටි 28000ක ආයෝජනයන් වරාය මූල්‍ය නගරය හරහා මෙරටට ලැබෙන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මූල්‍ය නගරය ඉඳි කිරීමටත් පෙර මේ ආයෝජනයන් රටට ලැබෙන බවත්
එයින් ඇමරිකන් ඩොලර් මිලියන 1000කින් මහල් 60ක කුලුනු 3ක් හා සෙසු ඇමරිකන් ඩොලර් මිලියන 800 මාර්ග සංවර්ධනයට යොදවනු ලබනු ඇති බවද ඇමැතිවරයා කී ය.

විශේෂයෙන්ම ගාලුමුවදොර සිට මුහුදු බඩ සමාන්තර මාර්ගය හා (Marine drive) සම්බන්ධ වීමට ඉඳි කරනු ලබන භූගත මාර්ගය සඳහා සම්පූර්ණ ආයෝජනය චීන සමාගම විසින්ම සිදු කරනු ලබන බවද ඇමැතිවරයා පවසයි.

'මුහුද තවත් ගොඩ කරනවා'

එම මාර්ගය ඉඳි කිරීමත් සමඟ ගාලු මුවදොර භූමිය මුහුද දෙසට තවත් මීටර් 30ක් දිගු වන බවද ඇමැතිවරයා කීය.

ආසියානු බැංකු ආධාර යටතේ මේ වන විටත් නව කැලණි පාලමේ සිට වරාය නගරය දක්වා වන ගුවන් මාර්ගය තැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මුහුද ගොඩකර ඉඳි කරනු ලබන මේ මූල්‍ය නගර ව්‍යාපෘතියෙන් රැකියා 80000ක් බිහි වන බවද ඇමැතිවරයා කීය.

(සිළුමිණ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka