gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෝට් සිටිය නිසා කොළඹ නගරය අවධානම්

පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ නගරය අවධානමකට ලක්ව ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. එම ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර පැහැදිළි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති බැවින් එවැනි අවධානමක් මතුව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

"ආචාර්ය කරුණාරත්න කියන ඉංජිනේරුව කියනව මේ පෝට් සිටි එක
නිසා කොළඹ නගරය ගිලා බැසිය හැකි බව. අපි ඉන්න තැනුන් සමහර වෙලාවට හෙල්ලිලා යනව. කොළඹ නගරය ගිලා බැසීමේ අනතුරකයි තියෙන්නේ අනාගතයේදී"

පඬුවස්නුවර ප‍්‍රදේශයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමේදී තමන් විරුද්ධ වූ බවත් එම අවස්ථාවේ එම පත් කිරීම සිදු කිරිමට හේතුවූ කරුණු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළා.

"අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය නිසා ඔහු පත්නොකරන ලෙස මම අගමැතිවරයාට පැවසුවා. නමුත් ඔහු එය ඇහුවේ නැහැ. ආන්ඩුවක් හදපු ගමන් අර්බුද හදාගන්න බැරි නිසයි නිහඬව සිටියේ. අගමැතිවරයා එදා මම කී දේ ඇසුවානම් මේ කුණු ප්‍රශ්න ආණ්ඩුවට එන්නේ නැහැ." යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka