gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවසේ කසිප්පු පෙරූ දෙල්ගමුවේ පොලිස්‌ නිලධාරියා

වරකාපොළ මාහේන දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස්‌ නිලධාරියකු විසින් තමාගේ දෙමහල් නිවස තුළ පවත්වා ගෙන ගිය කසිප්පු පෙරීමේ මධ්‍යස්‌ථානයක්‌ වටලා හිටපු පොලිස්‌ නිලධාරියා සහ කසිප්පු ස්‌ප්‍රීතු බෝතල් 90 ක්‌, ගෝඩා මිලි ලීටර් 180,000 ක්‌ හා පෙරීමට ගන්නා උපකරණ තොගයක්‌
ද සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි.


කලක පටන් මෙම ප්‍රදේශයේ කසිප්පු මධ්‍යස්‌ථානයක්‌ පවත්වා ගෙන යන බවට වරකාපොළ පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ශිරාන් වීරසේකර මහතාට ලැබුණූ තොරතුරක්‌ මත මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරුගේ බිරිඳ රාජ්‍ය ආයතනයක සේවය කරන අතර බිරිඳ සහ දරුවන් දෙදෙනා ඔහුට අයත් කෑගල්ල ප්‍රදේශයේ නිවසක නවතා ඇති අතර දෙල්ගමුවේ පිහිටි දෙමහල් නිවසේ පහත මාලයේ සිට ව්‍යාපාරය කරගෙන ගොස්‌ ඇත. පහත මාලයේ කාමර කිsහිපයක්‌ තුළ පොළොව යට බැරල් වළලා සැකකරු විසින් ඒ සඳහා සේවකයන් ද යොදවා ගෙන මෙම ව්‍යාපාරය කරගෙන ගොස්‌ ඇති බව පොලිසිය විසින් කරනු ලබන පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මෙසේ පෙරන ලද කසිප්පු ඔහුට අයත් වෑන් රථ හා ත්‍රිරෝද රථ යොදවා ගෙන අවට ප්‍රදේශ ගණනාවකට බෙදා හැර ඇති බව අනාවරණය කරගෙන ඇත. මෙම නිවසේ පහත මාලයේ කාමර වල තිබී කසිප්පු පෙරීමට ගන්නා තඹ දඟර, ගෑස්‌ ළිප්, ගෑස්‌ සිලින්ඩර්, රබර් හෝස්‌, ප්ලාස්‌ටික්‌ බැරල් යකඩ බැරල් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්‌ඩ තොගය වරකාපොළ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සරත් ආනන්ද ලියනගේ, අතිරේක - වසන්ත කුමාර මාපා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka