gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ ගම්මිරිස් තීරණය කළ නොහැක්කක් ?

පෙබරවාරි 10 වැනිදා සිට ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙනඇති තිරණය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි දෙයක් ශ්‍රී ලංකා අපනයන මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලංකාවේ දැනට නිෂ්පාදනය කරනු ලබන ගම්මිරිස්වලින් මෙරට පරිභෝජනය සඳහා කොටසක් තබාගෙන අනෙක් සියල්ල අපනයනය
කරන අතර ඇතැම් ඇනවුම් එම නිෂ්පාදනයෙන් සම්පූර්ණ කළ නොහැකි නිසා මෙසේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරන බව පැවසේ.

ඒ අනුව ජනපතිවරයාගේ ප්‍රකාශය අනුව සම්පූර්ණයෙන්ම ගම්මිරිස් ප්‍රතිඅපනයනය කළ නොහැකි බව එම කේෂ්ත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කළ හොත් මෙරට ගම්මිරිස් අපනයනකරුවන් විශාල අපහසුතාවයකට පත්වන බවද පැවසේ.

කෙසේවුවද ගම්මිරිස් ප්‍රතිඅපනයනය නිසා පවුල් ලක්ෂ 4ක් පමණ වන දේශීය ගම්මිරිස් වගාකරුවන් තම අස්වැන්න විකුණාගත නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව සිටිති.

මෙරටින් වසරකට ගම්මිරිස් මෙට්‍රික් ටොන් 15,000 ක් පමණ අපනයනය කරනු ලබන අතර ඉන් මෙරටට ලැබෙන විදේශ විනිමය රැපියල් මිලියන 10,000 ඉක්මවනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka