gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුදලට ගැනීමේ සිද්ධීන් හෙළිවේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ප්‍රදේශ කිහිපයක් හැඳුනුම්පත් හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුදලට ගැනීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. එක්තරා පක්ෂයක පුද්ගලයන් වෙනත් පක්ෂයක පුද්ගලයන්ට කතා කොට මුදලක් ලබාදී හැඳුනුම්පත් හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුදලට ගන්නා බවට
තොරතුරු වාර්තා වී ඇති බවත් මෙය දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදු කළද පළාත් පාලන ආඥා පනත අනුව වැරදි ක්‍රියාවක් බවද ඒ මහතා පවසයි.

මේ පිළිබඳ මේ වන විට ‍පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

පළාත් පාලන ආඥා පනත අනුව මෙය අයුතු බලපෑම් කිරීමක් ලෙස සැලකෙන අතර එය වැරැද්දක් ලෙසට තහවුරු වුවහොත් එම ක්‍රියාව කළ පුද්ගලයාගේ ඡන්ද ලියාපදිංචිය වසර 7 කට අතිහිටුවෙන බවත්, අපේක්ෂකයෙක් වැරදිකරුවෙක් වුවහොත් ඔහු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුවද ඔහුගේ ආසනය අහිමි වන බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ශානිකා මාධවී පීරිස්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka