gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නුවරඑළිය මහ රෝහලේ මෘතශරීර මීයෝ කයි

නුවරඑළිය මහ රොහල් මෘතශරීරාගාරයේ තිබු මෘත ශරීර මීයන් විසින් සපා කන බව වාර්තා වේ.

පසුගිය දිනක රාගල ප්‍රදේශයේ තරුණයෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්වූ අතර නුවරඑළිය මහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබු
ඔහුගේ මෘතශරීරය පසුදින බාර ගන්නා අවස්ථාවේ පාදයේ කොටසක් මියන් විසින් කා දමා තිබු බවට ඥතින් චෝදනා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වු රාගල ප්‍රදේශයේ මල් ශාලා සේවකයෙකු පැවසුවේ තමන් බාර ගන්නා අවස්ථාවේදි මෙම මෘතශරීරයේ පාදයේ කොටසක් ඇට සැකිල්ල දක්වා සපා තිබු බවයි.

ඉකුත් මස පහලොස් වන දින හයිෆොරස්ට් ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මිය ගිය තරණයෙකුගේ සිරුර මල් ශාලාවට රැගෙන එන විට නාසය සම්පුර්නයෙන්ම මියන් විසින් කා දමා තිබු අතර මෘතශරීරයට තමන් විසින් කෘත්‍රිම නාසයක් සවිකොට ඥාතින් වෙත බාර දුන් බවත්ය.

මේ පිළබඳව මෘතශරීරාගාර සෙවකයින්ගෙන් විමසිමෙදී විශාල මියෙකු මොචරියේ සිටින බව පවසා ඇත.

මේ පිළිබඳව නුවරඑළිය මහ රොහලේ අධ්‍යක්ෂක අරුණ ජයසෙකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවැනි සිදුවීමක් පිළිබඳව තමන් දැනුවත් නොමැති අතර ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka