gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රි සහ රනිල්ගේ පක්ෂ දෙක අතර ආතතියක්

මෙරට පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බහුතරයක් ඇති ප්‍රදේශවලින් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ මෙම විශිෂ්ඨ ජයග්‍රහණයත් සමග
ජාතික ආණ්ඩුවේ හවුල්කරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ආතතියක් වර්ධනය වෙමින් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී රටේ පාලනය සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගනු ඇති බවද පෙන්වා දී තිබෙනවා.

මැතිවරණයේ ලද විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසු සතුට සාමකාමීව භුක්ති විඳින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබෙනවා.

රටේ පාර්ලිමේන්තුව තුළ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) ද කලකට පසු දෙමළ බහුතරයක් ඇති පැතිවලින් දැනෙන ජයග්‍රහණයක් හිමි කරගෙන ඇති බවද වාර්තා කරනවා.

රටේ නැගෙනහිර පළාතේ නිල ඡන්ද ප්‍රථිඵල අනුව සැළකියයුතු වෙනසක් සිදු වෙමින් ඇති බවද පෙන්වා දී තිබෙනවා.

සියල්ල පිළිබඳ විමසිල්ලෙන් බැලීමේදී ශ්‍රී ලංකාවේ ජනතාව මුලින් ප්‍රකාශ කළ ජනමතය මේ අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලමින් ඇති බවත් වාර්තා කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka